Showing posts with label WEIRD NEWS. Show all posts
Showing posts with label WEIRD NEWS. Show all posts

Sunday, March 6, 2016

බූතයන් නැද්ද ? මෙන්න ඇත්ත.




බූතයන් නැද්ද ?මෙන්න ඇත්ත.

ඔබ තීරනය  කරන්න මෙය edit කල වීඩියවක් නොවේ.



ඔලුවෙන් කටක් මතුවෙයි .






ඔලුවෙන් කටක්  මතුවෙයි .

ඇමරිකාවේ එක්තරා   කදුකර  ප්‍රදේශයක  දඩයම්  කරුවන් පිරිසක්  විසින්  මරා  දමනු  ලබුණු සිoහයකුගේ හිස  මත දත්  ඇති  බව දක්නට  ලැබී  ඇත .
පහතින්  දැක්වෙන්නේ  එම සතාගෙන්  ලබා ගත් පින්තූරයකි.මීට  පෙර  මෙවැනි  සතෙකු  හමුවී  නොමැත .


Tuesday, May 5, 2015

පියාබන පීරිසි කීපයක් අර්ජෙන්ටිනාවෙන් ,වීඩියෝ සහිතයි.UFO

මෙම වීඩියෝ දර්ශනය තම දුරකථනයේ කැමරාව මත සටහන් කර ගැනීමට නීති  සිසුවකු සමත්ව  ඇත .

නමින් David Jorge Lazarte වන මොහු ඔහුගේ නිවස පිටුපස ඇවිදිමින් සිටින  විට  මෙම අත්බූත වස්තුව දැක ඇති බවයි වාර්තා  වෙන්නේ.
ඔබට දැක ගත හැකි මෙම වීඩීයෝ පටයේ මෙවැනි අත්බූත  දිලිසෙන වස්තූන් තුනක් දැකගත හැකිය .david පවසන ආකාරයට ඔහු දිදුළන මෙම වස්තූන් දැක පුදුම වී ඇති අතර එම නිසා ඔහු මෙය ඔහුගේ  කැමරාව  තුල සටහන් කරගැනීමද අමතක නොකල බව පවසයි.

මෙම වස්තූන් තමා වටා කැරකෙමින් ගමන් කල බවද ඒවා නැගෙනහිර දිශවට ගමන් කර අතුරුදහන් වූ බවද තවදුරටත් අදහස් දක්වමින් පවසා තිබේ.
කෙසේ උවද මෙම පුවත ලොව පුරා ඉතාමත්ම වේගයෙන් පැතිරෙමින් තිබේ.


Mysterious glowing objects over Argentina sky


A law student called David Jorge Lazarte has recorded a mysterious flying object in his camcorder as he was walking behind his house.
You can watch that video up there.


Friday, April 24, 2015

ඔබ බිය වන මිනිස් මුහුණ



බැටළු පැටියෙක් පුදුමකාර මිනිස් මුහුනක් සමග ඉපදී ඇති කතාවක් මේ දිනවල ඉතාමත් ආන්දෝලනයකට තුඩුදී ඇති අතර  මෙම බැටළු පැටියාගේ මුහුණ වයස්ගත පිරිමි මිනිසෙකුගේ ස්වරූපය ගෙන ඇති බවත්  මෙම පැටියා එම ගොවිපොලේ  අයිතිකරුට ජීවිතයේ ඉතාමත් බයානක අත්දැකීමක්  වී ඇතැයි වර්තා වේ  .
45 වියැති Blasius Lavrentiev  මෙම පැටියා ඉපදෙන තුරු බලන් සිටියත් ඔහුට දකින්නට ලැබුනු  දර්ශනයෙන්  ඉතා භීතියට  පත්වී ඇතැයි  වාර්තා වේ .


“ මම දැක්කා බැටලු මව ගැබ්ගෙන සිටිනවා කියා ඉතින් මම බොහොම ආසවෙන් සිටියේ බැටලු පැටවුන් විකිනීමෙන් හොඳ ආදායමක් ලබන්න ඒත් මම දැකපු දේ මගේ ඇස් අදහාගත නොහැකි දෙයක් ඒ තමයි ඉතාමත් නපුරු වයසක මනුස්සයෙක් මගේ දිහා බලාගෙන ඉන්න එක.මට සිහිනැති වෙන්න ආවා .මොහුගේ දෙමව්පියන් සාමාන්‍ය බැටලුවන් ඒත් මේ පැටියා මෙහෙම වීම මට හිතාගන්න අමාරුයි . මගේ මුනුබුරන්  තාමත් ඉන්නේ  ඉතාමත්  බියෙන් .මුලදී මට බියක් දැනුනත් දැන් එහෙම නෑ .මම ආසාවෙන් ඉන්නේ මොහු ලොකු උනාම කොයි වගේ වෙයිද කියල බලන්න.

"මගෙන් මේ පැටියා ඉතා විශාල මුදල්  වලට ඉල්ලුවා ඒත් මගේ හිත එයට ඉඩ දෙන්නේ නෑ .
 මට මුලදී මුදල් උවමනා උනත් දැන් මම ඒ අදහස වෙනස් කරගත්තා".

මෙම  අපූරු බැටළු පැටියගේ කතාව අපට වාර්තා වෙන්නේ රුසියාවේ  ගොවිපලකිනි .



A lamb was born with a human face and scared a village of Russia . The farmer is asked to sell this lamb to use commercial works but the farmer has refused this request and he is willing to see how he will look like when it grows old.

Thursday, April 23, 2015

දෙවියකු ඉන්දියාවේ උපදී . පින්තූර සහිතයි.

God is born in India.

ඉන්දියාවේ බිලිදෙක්  අත් හතරක්  සහ පා හතරක් සහිතව මෙලොව එලිය දුටු පුවතක් සමග දේව බතිමතුන් ඔහුව ඝන දෙවියන් ඉපදී ඇතැයි විශ්වාසයෙන් එම බිලින්දා ඉපදී ඇති ගමට පැමිනීමට  පටන්ගෙන ඇතැයි වර්තා වෙයි.

මෙම අසාමාන්‍ය  දරුවා හට නමක් යෙදීමට තවමත් ගැටලුවක් වී ඇති අතර වන්දනා කරුවන්ගේ නවතම පාරාදීසය මෙම දරුවා වෙසෙන ගම්මානය වී අති බවටත් වර්තා  වෙයි.වෛද්‍යවරුන්ගේ  අදහසට  අනුව මෙම දරුවා දරුවන් දෙදෙනකුගේ සම්මිශ්‍රණයක් බවයි අනුමාන කරන්නෙ.

A child was born in India with eight limbs.devotees have started to believe that he is a God.

Wednesday, April 22, 2015

සල්ලි කන අරුම පුදුම මිනිසා

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රන්තයේ වයස අවුරුදු 34 වන " රජ්පල් සින්හ් " යන  පුද්ගලයකු රොහලට අතුලත් කිරීමෙන් අනතුරුව ඔහුගේ අමාශය තුල තිබී  කාසි 140 සහ 150 පමන වන නියපොතු  අතුලු තවත් බොහෝ දේ ශල්‍යකර්මයක් මගින් පිටතට ගෙන තිබෙනවා.ශල්‍යකර්මයට පෙර   ඔහුට කරන ලද endoscopy  පරීක්ෂණයක් මගින් වෛද්‍යවරුන් මේ බව ප්‍රථම වතාවට තහවුරු කරගැනීමට හැකිවී ඇත.    
ඔහුගේ මෙම අමාශය තුල ඇති ද්‍රව්‍යයයන්  පිටතට ගැනීමට සැත්කම් දෙකක් කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.පිටතට ගත් ද්‍රව්‍යය අතර  ඇන වර්ග බැටරි වර්ග ඇතුලු විවිධ යකඩ ද්‍රව්‍යය තිබී ඇතැයි වාර්තා වෙයි.

" මම පුරුදු වෙලා හිටියා මීට අවුරුදු 3ක පමණ ඉඳන් කාසි සහ යකඩ වර්ග ගිලීමට පලතුරු යුශ හෝ කිරි සමග " මගේ පවුල තුල ගොඩක් ප්‍රශ්න තිබුනා.මේ නිසාම මට depression කියන මානසික රෝගය වැලදී තිබුණා"

ඔහු තවදුරත් කියාසිටියේ  මේ පුරුද්ද නිසාම ඔහු මියයාමටත් ඉඩකඩ තිබු බවයි.තවද වෛද්‍යවරුන් ඔහුට පවසා ඇත්තේ මෙවැනි ඉතාම තියුණු ඉදිකටු සමහරවිට ඔහුගේ බඩවැල් පසාරු කරගෙන යාමටත් ඉඩකඩ තිබූ බවත් ඔහු ටිකෙන් ටික මිය යාමට බොහෝදුරට ඉඩ තිබූ බවයි.
මෙම බිය උපදින ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුක්ත කන්ඩායමක් සහභාගි වී ඇතැයි වාර්තා වෙයි.වෛද්‍ය ගන්දීප් මහතා සඳහන් කලේ " මෙම රෝගීයා විශාල බඩේ වේදනාවක් ඇතැයි පවසමින් රෝහලට පැමිණි අතර අපි මොහුට endoscopy පරීක්ෂණය සිදුකල විට  පුදුම වූ අතරමොහුට මෙම ශල්‍යකර්මය කිරීමට පැය නවයකට ආසන්න කාලයක්ද  ගතවිය."

තවද දැන් මෙම පුද්ගලයා ඉතාම සුවෙන් පසුවන බව වාර්තා වේ .

වැඩිදුර විස්තර