Friday, April 24, 2015

ඔබ බිය වන මිනිස් මුහුණ



බැටළු පැටියෙක් පුදුමකාර මිනිස් මුහුනක් සමග ඉපදී ඇති කතාවක් මේ දිනවල ඉතාමත් ආන්දෝලනයකට තුඩුදී ඇති අතර  මෙම බැටළු පැටියාගේ මුහුණ වයස්ගත පිරිමි මිනිසෙකුගේ ස්වරූපය ගෙන ඇති බවත්  මෙම පැටියා එම ගොවිපොලේ  අයිතිකරුට ජීවිතයේ ඉතාමත් බයානක අත්දැකීමක්  වී ඇතැයි වර්තා වේ  .
45 වියැති Blasius Lavrentiev  මෙම පැටියා ඉපදෙන තුරු බලන් සිටියත් ඔහුට දකින්නට ලැබුනු  දර්ශනයෙන්  ඉතා භීතියට  පත්වී ඇතැයි  වාර්තා වේ .


“ මම දැක්කා බැටලු මව ගැබ්ගෙන සිටිනවා කියා ඉතින් මම බොහොම ආසවෙන් සිටියේ බැටලු පැටවුන් විකිනීමෙන් හොඳ ආදායමක් ලබන්න ඒත් මම දැකපු දේ මගේ ඇස් අදහාගත නොහැකි දෙයක් ඒ තමයි ඉතාමත් නපුරු වයසක මනුස්සයෙක් මගේ දිහා බලාගෙන ඉන්න එක.මට සිහිනැති වෙන්න ආවා .මොහුගේ දෙමව්පියන් සාමාන්‍ය බැටලුවන් ඒත් මේ පැටියා මෙහෙම වීම මට හිතාගන්න අමාරුයි . මගේ මුනුබුරන්  තාමත් ඉන්නේ  ඉතාමත්  බියෙන් .මුලදී මට බියක් දැනුනත් දැන් එහෙම නෑ .මම ආසාවෙන් ඉන්නේ මොහු ලොකු උනාම කොයි වගේ වෙයිද කියල බලන්න.

"මගෙන් මේ පැටියා ඉතා විශාල මුදල්  වලට ඉල්ලුවා ඒත් මගේ හිත එයට ඉඩ දෙන්නේ නෑ .
 මට මුලදී මුදල් උවමනා උනත් දැන් මම ඒ අදහස වෙනස් කරගත්තා".

මෙම  අපූරු බැටළු පැටියගේ කතාව අපට වාර්තා වෙන්නේ රුසියාවේ  ගොවිපලකිනි .



A lamb was born with a human face and scared a village of Russia . The farmer is asked to sell this lamb to use commercial works but the farmer has refused this request and he is willing to see how he will look like when it grows old.

No comments:

Post a Comment

sampathshagi@gmail.com